Thursday, 02 May 2024

ඉරට වන්දනා කරන රටක් සූර්යයා ගැන අවධානයක

Posted On Monday, 04 September 2023 06:42

ඉරට වන්දනා කරන රටක් සූර්යයා ගැන අවධානයක

 

ඉන්දියාව සූර්යයා වෙත සිය පළමු මෙහෙයුම සාර්ථකව දියත් කරයි. සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්ස ප්‍රථමයා බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වී දින කිහිපයකට පසු ඉන්දියාව සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කර තිබේ. Aditya-L1 නමැති මෙම මෙහෙයුම් චන්ද්‍රිකාව (02)සෙනසුරාදා ඉන්දීය වේලාවෙන් 11:50 ට Sriharikota හි දියත් කිරීමේ වේදිකාවෙන් ගුවන්ගත විය.

එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් (සැතපුම් 932,000) ගමන් කරනු ඇත ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන පරිදි එම දුර යාමට මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි. (බීබීසී)