Thursday, 02 May 2024

ජනාධිපතිවරයාට කළ ඇරයුමට උපදේශකයවන තීරණයක්

Posted On Tuesday, 05 September 2023 16:37

ජනාධිපතිවරයාට කළ ඇරයුමට උපදේශකයවන තීරණයක්

 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක රුවන් විජේවර්ධන මහතා

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අප්‍රිකානු දේශගුණ සමුළුවට සහභාගි වීම සදහා පිටත්වගොස් ඇති අතර විජේවර්ධන මහතා ඊයේ (4) සවස කෙන්යාවට පැමිණියේය.

අප්‍රිකානු දේශගුණ සමුළුව නයිරෝබි නුවරදී ආරම්භ වන අතර, අප්‍රිකානු මහාද්වීපයේ සහ ගෝලීය වශයෙන් දේශගුණික විපර්යාස අභියෝග ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් සාකච්ඡා සහ සහයෝගීතා සඳහා තීරණාත්මක වේදිකාවක් ලෙස කටයුතු කරනු ඇත.

සමුළුවට ලොව පුරා රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතය. පැරිස් සමුළුවෙන් පසුව එළඹෙන මෙම සමුළුව, ගෝලීය බලශක්ති සංක්‍රමණය වේගවත් කිරීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි COP28 සඳහා විසඳුම් ලබා දීමට තීරණාත්මක අවස්ථාවක් වනු ඇත.