Thursday, 02 May 2024

ස්නයිපර් ඉලක්ක නොදන්නා චූන් පාන් වෙලෙන්දා

Posted On Tuesday, 05 September 2023 16:50

ස්නයිපර් ඉලක්ක නොදන්නා චූන් පාන් වෙලෙන්දා

 

ජනාධිපතිවරයාට එරෙහිව ෆේස්බුක් ඔස්සේ තර්ජනයක් පළ කිරීම සම්බන්ධයෙන් චූන් පාන් අලෙවිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් සටහන් කිරීම සහ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි චූන් පාන් අලෙවිකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (4) නියෝග කළා.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 7 වැනිදා තඹුත්තේගම සහ එප්පාවල ප්‍රදේශවලට පැමිණීමට නියමිතව තිබියදී එප්පාවල ප්‍රදේශයේ පදිංචි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම සිද්ධිය සහ සහ කිලිනොච්චි හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවියක් රැගෙන එප්පාවල පදිංචි යුද හමුදා සෙබළෙකු පලා යාම අතර කිසියම් සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. සැප්තැම්බර් 7 වැනිදා එප්පාවල ප්‍රදේශයට පැමිණීමට නියමිත හෙයින් ස්නයිපර් වෙඩික්කරුවෙකු සොයා ගැනීමේ අනවශ්‍යතාව මෙම පිළිබඳව සැකකරු ෆේස්බුක් සටහනක දක්වා ඇති බව පැවසේ.