Tuesday, 30 April 2024

වාහන ආනයනය කිරීමට අවසර දෙන ලකුණු තිබිය දී තහනම් වාහන වෙළද පොලට ඇවිත්

Posted On Wednesday, 06 September 2023 10:20

වාහන ආනයනය කිරීමට අවසර දෙන ලකුණු තිබිය දී තහනම් වාහන වෙළද පොලට ඇවිත්

 

වසර පහකට පමණ පසු වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා මේ වසර අවසන් වන විට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඊයේ (සැප්. 5) රාජ්‍ය මුදල් කමිටුවට (COPF) දැනුම් දී ඇත.

දැනට පනවා ඇති ආනයන සීමා මේ වසර අවසන් වනවිට ඉවත් කෙරෙනු ඇති බව ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත්, පෞද්ගලික භාවිතය සඳහා ගෙන්වන වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉවත් නොකරන බව එම නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මෙම කමිටුව වාහන ආනයනය ගැන පවතින තත්තවය අවධානයට ලක් කර ඇත.

කෙසේ වෙතත් රටට ගෙන්වා ඇති නීති විරෝධී වාහන ප්‍රමාණය ගැන දැනට පරීක්ෂණ පවත්වන තත්ත්වයක් ද පවතින බව අමතක කළ යුතු නැත. වාහන සම්බන්ධයෙන් පවතින වෙළදපොල තත්ත්වය හේතු කොටගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ධාවනයෙන් ඉවත් කළ වාහන පන්දහසක් පමණ නැවත ලේඛන සකස්කොට ව්‍යාජ ලෙස විකුණමින් පවතින බව මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.