Sunday, 28 April 2024

ජිනීවාට කලින් චැනල් 4 හි විඩියෝව පාර්ලිමේන්තුවෙන් අභියෝගයට

Posted On Wednesday, 06 September 2023 10:27

ජිනීවාට කලින් චැනල් 4 හි විඩියෝව පාර්ලිමේන්තුවෙන් අභියෝගයට

 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ වීඩියෝ පටය සැක සහිත, ඊනියා සාක්‍ෂි ඇතුළත් ගොතන ලද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ අවස්‌ථාවේදීද චැනල් ෆෝ නාලිකාව විසින් මෙවැනි වාර්තාවක් කළ බව හෙතෙම දක්වයි.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ස්ථාවරය පිළිබඳ සෘණාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව සදහන් කරන අතර මේ වැනි කටයුතු සඳහා චැනල් 4 නාලිකාව විසින් මෙවැනි වීඩියෝ දර්ශන මීට පෙර ද නිකුත් කර ඇති බව ඔහු පැවසීය.

“පැහැදිලිවම පෙනෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිත සෑම අවස්ථාවකම මෙවැනි වීඩියෝ අඛණ්ඩව ගෙන එන බවයි.