Sunday, 28 April 2024

දෙවන වතාවටත් භාරතය ජනාධිපතිනිය ලවා එළියට

Posted On Wednesday, 06 September 2023 11:11

දෙවන වතාවටත් භාරතය ජනාධිපතිනිය ලවා එළියට

 

නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් රජය මේ මස අගදී පැවැත්වෙන පාර්ලිමේන්තුවේ විශේෂ සැසියේදී ඉන්දියාවේ නිල නාමය ‘භාරත්’ ලෙස වෙනස් කිරීමට යෝජනාවක් ගෙන ඒමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කොංග්‍රස් පක්ෂ ජ්‍යෙශ්ඨයෙකු වන ජයරාම් රමේෂ් කියා සිටියේ රාෂ්ට්‍රපති භවන් හි මෙම සති අන්තයේ පවත්වන G20 රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සුපුරුදු 'ඉන්දියාවේ ජනාධිපති' වෙනුවට 'භාරතයේ ජනාධිපති' යන නම භාවිතා කර ආරාධනා පත්‍ර යවා ඇති බවයි.

මේ අතර, ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වා සර්මා සහ මධ්‍යම අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් ඇතුළු භාරතීය ජනතා පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඉන්දියාව නැවතත් පැරණි භාරත් නාමයෙන් නම් කිරීමට සහාය පළ කර ඇත. අඛණ්ඩ භාරත් ව්‍යවහාරය ඉන්දීය නව පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ දී මෑත කාලයේ පැන නැගී ආ කරැණකි. පාර්ලිමේන්තුවේ සිතුවමක කලාපයේ රටවල් එකට පැවැති පැරණි භාවය සනිටුහන්වන අතර මෙම ව්‍යවහාරය ගැන බංගලාදේශය ඇතුළු රටවල් කිහිපයක් විරුද්ධත්වය පළ කර තිබේ. (විදේශීය මාධ්ය)