Monday, 29 April 2024

සිරි ට දයාව අහිමිවීම ගැන අධිකරණයට පැමිණිලි

Posted On Wednesday, 06 September 2023 11:29

සිරි ට දයාව අහිමිවීම ගැන අධිකරණයට පැමිණිලි

 

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් කරන තීරණයක් ගෙන තිබේ.

නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා අද (6) සිට ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර කියා සිටියේ තමන් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කරන බවට දන්වා ලිපිය ලැබුණු බවයි. කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව අධිකරණයට යන බව දයාසිරි ජයසේකර මහතා පසුව නිවේදනය කර ඇත.