Monday, 29 April 2024

මවුලානා එල්ල කරන ලද චෝදනා පිල්ලෙයාන් ප්‍රතික්ෂේප කරයි

Posted On Thursday, 07 September 2023 07:17

මවුලානා එල්ල කරන ලද චෝදනා පිල්ලෙයාන් ප්‍රතික්ෂේප කරයි

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට තමන් හෝ තම පක්ෂය සම්බන්ධ නැති බව මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා (6) අවධාරණය කළේය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ කරමින් චැනල් ෆෝ රූපවාහිනිය ඔස්සේ හංසීර් අසාද් මවුලානා එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩිව ක්‍රියා කළ යුතු බව පැවසීය. "ඔවුන්ට මරණ දණ්ඩනය දිය යුතුයි", ඔහු සදහන් කර ඇත.

අසත්‍ය ප්‍රචාරය කර රට අපකීර්තියට පත් කර බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඇතැමුන්ට අවශ්‍යය. ශ්‍රී ලංකාවට සහ එහි පරිපාලනයට අගෞරව කිරීමේ ද්වේෂ සහගත චේතනාවෙන් නිසි සොයා බැලීමකින් තොරව බටහිර මාධ්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම පිළිබඳව ඔහු කනගාටුව ප්‍රකාශ කළේය. විදේශ රටවල සරණාගත ඉල්ලීම් ඉදිරිපත් කරන පුද්ගලයින් ඔවුන්ගේ සරණාගත ඉල්ලීම් සනාථ කිරීම සම්බන්ධයෙන් අප සහ අපගේ පක්ෂය විවේචනය කිරීම සාමාන්‍ය දෙයකි. පිල්ලෙයාන් රාජ්‍ය අමාත්‍යවයා කියයි.