Monday, 29 April 2024

ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කැපවීම

Posted On Monday, 11 September 2023 09:38

ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කැපවීම

 

"ආරක්ෂක සමාලෝචන 2030" වාර්තාව එළිදැක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වෛරීභාවය සුරැකීමට ශ්‍රී ලංකාවේ පවතින කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් තහවුරු කර ඇත. මෙම විස්තීරණ ලේඛනය ඉන්දියානු සාගර කලාපයේ විකාශනය වන ආරක්ෂක භූ දර්ශනය ගෙනහැර දක්වයි.

2030 ආරක්ෂක සමාලෝචනය ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ ප්‍රධාන මූලධර්ම සෑම විටම එහි ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, මිලිටරි සන්ධාන වළක්වා ගැනීම, ඉන්දියන් සාගරයේ ගැටුම්වලින් වැළකී සිටීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමයට දායක වීම ඔස්සේ කේන්ද්‍රෙවයි.

මෙම ප්‍රයත්නයට මූලිකත්වය දීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් මේජර් ජෙනරාල් චන්න ගුණතිලක (විශ්‍රාමික) සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ (විශ්‍රාමික), මේජර් ජෙනරාල් පී.ආර්. වනිගසූරිය (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය යන අයගෙන් සමන්විත සමාලෝචන කණ්ඩායමක් පත් කර ඇත. ශ්‍රී ලංකා විදේශ සේවයේ සසිකලා ප්‍රේමවර්ධන මෙනවිය සහ මූල්‍ය හා ආර්ථික ස්ථායීකරණ උපදේශක ලෙස ඩැනියෙල් අල්පොන්සස් මහතා ද මෙම කමිටුවට පත් විය. මෙම කණ්ඩායමට ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරීන්ගෙන් සහ විදේශිකයන්ගෙන් සහය ලැබෙනු ඇත