Friday, 17 May 2024

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවලට ලංකාවෙන් තවත් සිසුන්

Posted On Monday, 11 September 2023 09:57

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවලට ලංකාවෙන් තවත් සිසුන්

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල දක්වන සහයෝගය වර්ධනයවීම ඉතාමත් ප්‍රශංසනීය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසයි.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබඳව සතුට පළ කරමින් බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ පහසුකම් පුළුල් කිරීමේ හැකියාව සොයා බැලීමට (7) බ්‍රහස්පතින්දා එකඟ විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට මහ කොමසාරිස්වරයා සිය දැඩි කැපවීම ප්‍රකාශ කළේය.

මහ කොමසාරිස් පැට්‍රික් මහතා මේ අදහස් පළ කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගත්හ.