Tuesday, 21 May 2024

මහජන මුදල් නැවතත් කොමිසමකට වැය කෙරේ

Posted On Monday, 11 September 2023 10:07

මහජන මුදල් නැවතත් කොමිසමකට වැය කෙරේ

 

චැනල් ෆෝ නාලිකාව විසින් කරන ලද චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා උනන්දු වෙයි.

මෙම කටයුතු විමර්ෂණය සදහා විශ්‍රාමික විනිසුරුවරයෙකු සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව, පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ දෙක අවසන් වූ පසු අවසන් තීරණ ගැනීමට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළා.