Tuesday, 07 May 2024

සෙව්වන්දි මධුකා කැපුම් තුවාල සහිතව සිංගප්පූරුවේ හෝටලයක් තුළ මරණයට

Posted On Tuesday, 12 September 2023 06:15

සෙව්වන්දි මධුකා කැපුම් තුවාල සහිතව සිංගප්පූරුවේ හෝටලයක් තුළ මරණයට

 

සිංගප්පූරුවේ ඊස්ට් කෝස්ට් පාරේ පිහිටි හෝටලයකදී තම බිරිඳ ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු, පසුව ඒ අසල පිහිටි පොලිස් මුරපොළකදී ඝාතනය කළ බව පාපොච්චාරණය කර ඇති අතර පසුව ඔහුට විරුද්ධව අධිකරණයේදී චෝදනා එල්ල කර ඇත.

දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි නමැති තිස් දෙහැවිරිදි කාන්තාව පෙරවරු 10.45 ත් පස්වරු 4.42 ත් අතර කාලයේ දී ඒෂාන් තාරක කූට්ටගේ විසින් ඝාතනය කර ඇති බව පැවසේ. අනතුරුව කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් පිහිටි මැරීන් පෙරඩ් පොලිස් මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයකු ගේ පාපෝච්චාරණය අනුව විට පොලිසිය අපරාධය ගැන දැනගෙන ඇත. ඉකුත් සෙනසුරාදා (9) නිවේදනයක් නිකුත් කරමින්, සිංගප්පූුරු පොලිසිය පුකාශ කළේ සිය නිලධාරීන් හෝටල් කාමරයට යවා ඇති අතර, වින්දිතයා කැපුම් තුවාල සහිතව නිශ්චලව වැටී සිටිනු දැක ඇති බවයි. එහිදී පරිපූරක වෛද්‍යවරුන් විසින් ඇය මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත. පසුව වින්දිතයාගේ සැමියා පොලිස් මුරපොලේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයක තිබී සොයා ගෙන ඇත.