Tuesday, 07 May 2024

මඩකලපුව වෙරළට ඔබ්බෙන් මහජනතාවට නොදැනුණ වූ භූ කම්පනයක්

Posted On Tuesday, 12 September 2023 06:18

මඩකලපුව වෙරළට ඔබ්බෙන් මහජනතාවට නොදැනුණ වූ භූ කම්පනයක්

 

ඉකුත් 10 අලුයම මඩකලපුවට ඊසාන දෙසින් කිලෝමීටර් 320ක් ඔබ්බෙන් වූ මහ මුහුදේ රිච්ටර් මාපකයේ 4.65ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දක්වයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.පී. අජිත් මහත් දක්වන පරිදි කාර්යාංශය පිහිටුවා ඇති සියලුම මාපකවල මෙම භූ කම්පනය සටහන් වී ඇතත් එය ජනතාවට දැනුණු බවක් වාර්තා වී නොමැති බවද කියා සිටියා.

කෙසේ වුවද. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවද ඔහු සදහන් කරයි.