Tuesday, 14 May 2024

ශෂී වීරවංශගේ නඩුව මාරු කරන තීරණයක්

Posted On Tuesday, 12 September 2023 06:25

ශෂී වීරවංශගේ නඩුව මාරු කරන තීරණයක්

 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන උදයන්ති රණසිංහ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සිට අලුත්කඩේ වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු වෙත මාරු කිරීමට හැකිවන නියෝගයක් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය තමන්ට අගතියක් වන බව පවසමින් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සිට වෙනත් ඕනෑම මහේස්ත්‍රාත්වරයෙකු වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශෂී වීරවංශ අභියාචනාධිකරණය හමුවේ ස්ථාන මාරු අයදුම්පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියාය.

විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

පසුගිය වසරේ මැයි මස 27 වනදා ශෂී වීරවංශ පළමු නඩුවට වැරදිකරු වූ අතර ඇයට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම විය. කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය ඇප මත මුදා හැර සිටී.