Tuesday, 30 April 2024

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුගමනය කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කරයි

Posted On Thursday, 14 September 2023 14:49

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුගමනය කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කරයි

 

ක්‍රිකට් ආයතනය ද හැමදාම නව ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාට තහනම් කරමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ මැදිහත්වීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොනු කළ රීට් පෙත්සමකට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලයි.