Sunday, 28 April 2024

අන්තර්ජාල ව්‍යාපාර කෙරෙහි මධුර කල්පනා යොමුවේ

Posted On Thursday, 14 September 2023 15:01

අන්තර්ජාල ව්‍යාපාර කෙරෙහි මධුර කල්පනා යොමුවේ

 

අන්තර්ජාලය හරහා සිදුකරන මහා පරිමාණ ව්‍යාපාර කිහිපයකින් රජයට කිසිදු ආදායමක් නොලැබෙන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල ව්‍යාපාර එකම ක්‍රමවේදයක් හරහා ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් කඩිනමින් සකස් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

විතානගේ මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමට පහසු දර්ශකයේ ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු සහ දුෂ්කරතා අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට සිය යෝජනා ඉදිරිපත් කිරීම.

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු සහ එම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය සේවකයන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇති කිරීමෙන් වඩාත් ඵලදායී සේවාවක් ලබාගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය. දිවයින පුරා සිටින රාජ්‍ය සේවකයින් විධිමත් හා සාධාරණ ලෙස ස්ථානගත කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රමයේ පවතින යම් යම් දුර්වලතා හේතුවෙන් සපයනු ලබන සේවාවන්හි කාර්යක්‍ෂමතාව පිළිබඳ ගැටලු මතුව ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතනවල නිලධාරීන් එකම ආකාරයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළා.