Monday, 29 April 2024

රුසියාවෙන් ආර්ථික හෝ දේශපාලන කොන්දේසි නැත

Posted On Thursday, 14 September 2023 15:09

රුසියාවෙන් ආර්ථික හෝ දේශපාලන කොන්දේසි නැත

 

ලෝක ආහාර වැඩසටහන හරහා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 352ක් ශ්‍රී ලංකාවට භාරදීමේ උත්සවයට කොළඹදී එක්වූ කොළඹ රුසියානු තානාපති Levan Dzhagryan මහතා දේශපාලන හෝ ආර්ථික වශයෙන් හෝ මෙම ආධාර ඉදිරියේ කිසිඳු කොන්දේසියක් පනවන්නේ නැති බව අවධාරණය කළේය.

රුසියානු විදේශ ප්‍රතිපත්තියේ එක් අරමුණක් වන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ මානුෂීය ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම බව තානාපතිවරයා පැවසීය.

අපගේ අරමුණ සැමවිටම මානුෂීය ය; අපගේ ක්‍රියාවන් පදනම් වී ඇත්තේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ගෘහස්ථ කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්ම මත ය," ඔහු පැවසීය.

ඕනෑම අර්බුදකාරී කාලයකදී ආහාර වඩාත් වැදගත් කරුණකි. නිසි පෝෂණය නොමැතිව, ආහාර අනාරක්ෂිතභාවය සහ වෙනත් දුෂ්කරතා හේතුවෙන් මිනිසුන් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීමේ අවදානමක් ඇත," ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.