Sunday, 28 April 2024

ආචාරීහු මරණය වර්ජකයන්ට පවරති.

Posted On Thursday, 14 September 2023 15:19

ආචාරීහු මරණය වර්ජකයන්ට පවරති.

 

දුම්රිය වහලයෙන් වැටී සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය වර්ජකයින්ට චෝදනා කළේය.

අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සිද්ධියට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වන බවද ඔහු කියා සිටියේය.

එන්ජින් රියදුරන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට (13) කාලය ලබාදී තිබියදීත් පාසල් සිසුන්, සිසුන් සහ රැකියාවට යන ජනතාව අපහසුතාවට පත්කරමින් ක්ෂණික වැඩවර්ජනයක් කරමින් දුම්රිය රියැදුරන් ගේ වෘත්තීය සමිති කඩාකප්පල්කාරී කටයුතුවලට යොමුවීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.