Thursday, 02 May 2024

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවයි.

Posted On Thursday, 14 September 2023 15:30

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 5000 ඉක්මවයි.

 

නැගෙනහිර ලිබියාවේ හටගත් විනාශකාරී ගංවතුරෙන් යටවී ඇති වෙරළබඩ නගරයක සුන්බුන් හේතුවෙන් මියගිය 1,000 කට වැඩි පිරිසකගේ සිරුරු ගොඩගෙන ඇති බව විනාශ වූ ප්‍රදේශයට ගිය නිලධාරීහු ඉකුත් අඟහරුවාදා (12) ප්‍රකාශ කළේය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසන්නේ මධ්‍යධරණී කුණාටුව ඩැනියෙල් විසින් ඇති කරන ලද ගංවතුරෙන් ඩර්නා නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 5,300 ඉක්මවා ඇති බවයි.

ජාත්‍යන්තර රතු කුරුස සහ රතු සද සංගම් සඳහා ලිබියාවේ නියෝජිත ටමර් රාමදාන් මීට පෙර පැවසුවේ පෙර නොවූ විරූ මෙවර ගංවතුරෙන් පුද්ගලයින් 10,000 ක් අතුරුදහන් වී ඇති බවයි. ටියුනීසියාවේ සිට වීඩියෝ සම්මන්ත්‍රණය හරහා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මරණ සංඛ්‍යාව “විශාල” බවත් එම සංඛ්‍යාව ඉදිරි දිනවලදී දහස් ගණනක් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය. ගංවතුරෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීමේදී සහන ස්වේච්ඡා සේවකයන් තිදෙනෙකු මිය ගිය බව එම සංවිධානයේ ප්‍රධානී ජගන් චාපගේන් සමාජ මාධ්‍යවල ප්‍රකාශ කර ඇත.

125,000 ක් පමණ ජනගහනයක් සිටින නගරයක් වන ඩර්නා හි සංචාරය කළ රොයිටර් මාධ්‍යවේදීන් සුන්බුන් වූ අසල්වැසි ප්‍රදේශ නිරීක්ෂණය කර ඇත. විපතට පත් වූවන්ගේ ගොඩනැගිලි සෝදා පාළුවට ගොස් ඇති අතර වේලි පුපුරා යාමෙන් පසු පුළුල් දිය පහරකින් ඉතිරි වූ මඩ සහ සුන්බුන් වලින් වැසී ඇති වීදිවල ඇති මෝටර් රථ විනාශ වී තිබේ.

Wahda රෝහලේ අධ්‍යක්ෂ මොහොමඩ් අල්-කබිසි පැවසුවේ නගරයේ දිස්ත්‍රික්ක දෙකෙන් එකක පුද්ගලයින් 1,700 ක් සහ අනෙක් දිස්ත්‍රික්කයේ 500 ක් මිය ගොස් ඇති බවයි.