Thursday, 02 May 2024

ඇමැතිවරු ජනාධිපතිවරයාගේ බලය අතට ගනී

Posted On Friday, 15 September 2023 11:03

ඇමැතිවරු ජනාධිපතිවරයාගේ බලය අතට ගනී

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක ආරම්භ කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ නොමැති කාලය තුළ ඔහුගේ විෂය පථය යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ඒ ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ට තාවකාලිකව පවරා ඇත.

ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ කියුබාවේ නිල සංචාරයට "G77 කණ්ඩායම සහ චීනය" රාජ්‍ය නායක සමුළුවට දක්වන ඔහුගේ සහභාගීත්වය ද ඇතුළත් වේ. ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යන දූත පිරිසක් සමඟ එක්වනු ඇත.

වැඩබලනන ඇමැතිවරු පත් කිරීමේ දී රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ වැඩබලන අමාත්‍යවරයෙලෙස ද පත් කර තිබේ.