Wednesday, 01 May 2024

ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය

Posted On Friday, 15 September 2023 12:06

ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය

 

පාස්කු ඉරිදා එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විදේශීය විමර්ශන ආයතනවල සහය ඇතිව පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන විදේශ රාජ්‍ය ආයතන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසා ඇතැයි රාජපක්ෂ මහතා පැවසීය.

විවිධ රූපවාහිනී නාලිකා හෝ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවට එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව නැවුම් පරීක්ෂණයක් කළ යුතු බව ඔහුගේ අදහස වූ අතර එවැනි පරීක්ෂණයකට තම පක්ෂය සහාය දෙන බව අවධාරණය කළේය. රූපවාහිනී නාලිකාවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ත්‍රස්තවාදී සංවිධාන විමර්ශනය කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පැවසීය.

“යහපාලන රජය සමයේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කළා. සරත් ෆොන්සේකා, එම්. ඒ. සුමන්තිරන් වැනි මන්ත්‍රීවරු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් වුණා. ඊළඟ පියවර තමයි ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳ පරීක්ෂණ පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර සංවිධාන ලවා නැවත පරීක්ෂණයක් පැවැත්වීම. ," හෙතෙම ප%කාශ කර ඇත.