Thursday, 02 May 2024

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් නීති උපදෙස් කඩිනම් කරන ලෙස නීතිපතිට සිහි කැඳවීමක්

Posted On Friday, 15 September 2023 12:10

නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් නීති උපදෙස් කඩිනම් කරන ලෙස නීතිපතිට සිහි කැඳවීමක්

 

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණයකට සම්බන්ධ බවට පවරා ඇති නඩුවකට අදාළව නීතිපතිවරයාගේ නීති උපදෙස් කඩිනම් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාට සිහි කැඳවීමක් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දන්වා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන වසරේ පෙබරවාරි 15 වැනිදාට කල් තැබිණි.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස නාමල් රාජපක්ෂ, සුදර්ශන බණ්ඩාර ගනේවත්ත, නිත්‍යා සේනානි, සුජානි බෝගොල්ලාගම සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත.