Thursday, 02 May 2024

ඩයනාගේ පුරවැසිභාවය ලබන සදුදා ප්‍රකාශයට

Posted On Friday, 15 September 2023 12:15

ඩයනාගේ පුරවැසිභාවය ලබන සදුදා ප්‍රකාශයට

 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නිකුත් කළ පුරවැසි සහතිකයක් නොමැති බව අභියාචනාධිකරණයට දැනුම් දුන් ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් කියා සිටියේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව රහස් පොලිසියට කළ ප‍්‍රකාශයේදී ඩයනා ගමගේ විසින්ම පිළිගත් බව සදහන් කරයි.

ඩයනා ගමගේට තම දෙපාර්තමේන්තුව පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව විගමන හා ආගමන පාලක ජනරාල්වරයා සිය දිවුරුම් ප්‍රකාශයෙන් පිළිගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ෆාරිස් මහතා ප%කාශ කළ පරිදි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින බවත්, 2014 වසරේදී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හළ බවත් සඳහන් කරමින් රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

2022 ඔක්තෝම්බර් මාසයේදී රහස් පොලිසියට කළ ප්‍රකාශයේ දී ගමගේ කියා සිටියේ ඇය සැබවින්ම තම මවගෙන් පැවත එන බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත්, 2014 දී ඇය සිය පුරවැසිභාවය අත්හැර දැමූ බවත්ය.

ෆාරිස් තර්ක කළේ ඩයනා ගමගේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දිය හැකි එකම ක්‍රමය සහතිකයක් නිකුත් කළහොත් පමණක් බවයි.