Thursday, 02 May 2024

‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලයට පැමිණ නිරීක්ෂණයක

Posted On Friday, 15 September 2023 12:20

‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලයට පැමිණ නිරීක්ෂණයක

 

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව විධිමත් සංචාරයක් සඳහා ( සැප්තැම්බර් 14) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබ තිබේ.

මීටර් 70.5ක් දිග කිමිදුම් ආධාරක යාත්‍රාවක් වන නිරීක්ෂක් 137 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර නෞකාවේ අණදෙන නිලධාරියා වන්නේ කමාන්ඩර් ජීතු සිං චෞහාන්ය. නෞකාවේ අණදෙන නිලධාරියා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවිය.

නෞකාවේ රැඳී සිටින කාලය තුළ, නාවික දෙපළ අතර සහයෝගීතාව සහ සුහදතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්ය මණ්ඩලය වැඩසටහන් කිහිපයකට සහභාගී වනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් ඒකකය සමඟ කිමිදුම් පුහුණු අභ්‍යාස, ත්‍රිකුණාමලයේ ප්‍රජාව සඳහා සෞඛ්‍ය කඳවුරක් සහ දිවයිනේ සංචාරක ආකර්ෂණයන් කිහිපයක් නැරඹීම මෙම ගමනා ගමනයේ කොටසකි.