Wednesday, 01 May 2024

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සොයන්න දින දහහතරක්

Posted On Friday, 15 September 2023 12:24

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සොයන්න දින දහහතරක්

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියමකර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය තක්සේරු කිරීමේ රැස්වීම (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සති දෙකක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, සමාලෝචනයේ අවසන් සාකච්ඡාව සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.