Tuesday, 14 May 2024

නීතිඥ කාලිංග ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

Posted On Monday, 18 September 2023 08:11

නීතිඥ කාලිංග ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

 

තරඟ පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සැප්තැම්බර් 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළ අතර ඔහු ඇප මත නිදහස් කළහොත් දැනට කරගෙන යන පරීක්ෂණවලට බාධා එල්ල වන බව දක්වා ඇත. සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.