Monday, 13 May 2024

විජයකලා මහේෂ්වරන්ට එරෙහි නඩුවේදී; නීතිපතිගේ කාර්යක්ෂමතාව හෙළිවේ

Posted On Monday, 18 September 2023 08:13

විජයකලා මහේෂ්වරන්ට එරෙහි නඩුවේදී; නීතිපතිගේ කාර්යක්ෂමතාව හෙළිවේ

 

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් 2018 වසරේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් පවත්වනු ලබන පරීක්ෂණය අවසන් කිරීම සදහා තවමත් නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව අධිකරණයේදී අනාවරණය විය. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ට අනුව වසර පහකට වැඩි කාලයක් නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව අධිකරණයට වාර්තාකර ඇත.

නීති උපදෙස් අපේක්ෂාවෙන් මේ වන විටත් විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

විජයකලා මහේෂ්වරන් යාපනයේදී කළ ප්‍රකාශයක් මගින් ජනතාව තුළ උද්වේගකර හෝ අප්‍රසාදය ඇති කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කර තිබුණි.

සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් කඩිනම් කරන ලෙස මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.