Tuesday, 30 April 2024

අසත්‍ය ප්‍රකාශකිරීම සම්බන්ධ අපරාධ නඩුවකින් ජනාධිපති පුතා හිරවේ

Posted On Monday, 18 September 2023 08:20

අසත්‍ය ප්‍රකාශකිරීම සම්බන්ධ අපරාධ නඩුවකින් ජනාධිපති පුතා හිරවේ

 

ගිනි අවියක් මිලදී ගැනීමේදී අසත්‍ය ප්‍රකාශ කීරීම සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර්ට අපරාධ චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම අධිචෝදනා පත්‍රය, බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ දරුවෙකුට සාපරාධී ලෙස නඩු පැවරූ පළමු අවස්ථාව සනිටුහන් කරයි.

හන්ටර් මුහුණ දුන් ගිනිඅවි සහ බදු සම්බන්ධ චෝදනා විසඳීම සඳහා සැලසුම් කළ අභියාචනයක් ජූලි මාසයේදී අසාර්ථක වී තිබේ. පැන නැගී ඇති චෝදනා තුනක් අතර 53 හැවිරිදි බයිඩන් මහතා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකුව සිටියදී තුවක්කුවක් මිල දී ගනිමින් අසත්‍ය ප්‍රකාශ කළ බව චෝදනා කරමින්ය.

2018 ඔක්තෝම්බර් මාසයේදී ඩෙලවෙයාර් තුවක්කු ගබඩාවකින් කෝල්ට් කෝබ්රා විශේෂ රිවෝල්වරයක් මිලදී ගත් විට ඔහු "නීතිවිරෝධී ලෙස භාවිතා කරන්නෙකු නොවන අතර කිසිදු උත්තේජක මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූවෙකු නොවන" බවට ඔහු ව්‍යාජ ලෙස ප්‍රකාශ කළ බව අධිකරණයේ දී චෝදනා කරයි. කෙසේ නමුත් ඒ වන විට වත්මන් ජනාධිපතිවරයාගේපුතා වන බයිඩෙන් මහතා ක්‍රැක් කොකේන් අධික ලෙස භාවිත කළ අයෙකි.

එක්සත් ජනපද ෆෙඩරල් නීතිවලට අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු තුළ එවැනි ලියකියවිලි මත බොරු කීම හෝ ගිනි අවියක් ළඟ තබා ගැනීම අපරාධයකි.

වරදකරු වුවහොත් ඔහුට වසර 25ක උපරිම සිර දඬුවමකට මුහුණ දීමට සිදුවන බව අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.