Monday, 29 April 2024

ශාස්ත්‍රපති ලීලාවතී ධර්මරත්නගෙන් නවතකාවක්

Posted On Monday, 18 September 2023 08:39

ශාස්ත්‍රපති ලීලාවතී ධර්මරත්නගෙන් නවතකාවක්

 

විතානගේ ලීලාවතී අස්ලින් ධර්මරත්න මහත්මිය 95 හැවිරිදිවියේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

ඇය විශ්වවිද්‍යාලයේ වයස්ගතම ශිෂ්‍යාව ද වූවාය.

විෂයයන් 7 කින් සමන්විත මෙම ශාස්ත්‍රපති උපාධිය සඳහා ඇය පාලි නිකායේ බෞද්ධ සිතුවිලි: විශ්ලේෂණය සහ විවරණ, බෞද්ධ කලා සහ ගෘහ නිර්මාණ ශිල්පය 11 (ශ්‍රී ලංකාව) හදාරා ඇත. බෞද්ධ මනෝචිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාද සම්ප්‍රදාය: ඉතිහාසය සහ දහම් කරුණු, බෞද්ධ ආචාර ධර්ම: සංකල්ප සහ දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය සහ විස්තාරණය ඇය හැදෑරූ විෂයයන් අතර විය. ඇම්බැක්ක විහාරයේ ලී කැටයම්වලින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ ලිපියක් ද ඇය දීර්ඝ රචනා පර්යේෂණ මාතෘකාව ලෙස සම්පාදනය කර තිබුණි.

වයස අවුරුදු 94 දී ඇස්ලින් ධර්මරත්න විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ සමත් විය. ගැහැණු ළමයින් හය දෙනෙකු ගේ මව වන ඇය දරුවන් රැකබලා ගනිමින් සියළු විභාග සාර්ථකව අවසන් කරන්නටසමත් වූවාය.

නොතාරිස්වරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 1952 දී එම විභාගය සමත් වූ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව බවට පත් වූ බව ද දැක්විය යුතුය.

ඇය 1962 දී නොතාරිස්වරයෙකු සමඟ විවාහ වී හොරණ සිට නාවලපිටියට පදිංචියට ගිය අතර දැනට අනූ හත් හැවිරිදි වියෙහි පසුවන ශාස්ත්‍රපති උපාධිය දිනාගත් ලීලාවතී මහත්මිය සිය අලුත්ම කෘත්‍යය ලෙස නවකතාවක් ලිවීම ද ආරම්භ කර ඇත.