Monday, 29 April 2024

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්නේ කෙසේදැයි මහජනයාගෙන් අහන ආණ්ඩුව

Posted On Monday, 18 September 2023 08:48

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්නේ කෙසේදැයි මහජනයාගෙන් අහන ආණ්ඩුව

 

රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මහජන යෝජනා සහ අදහස් කැඳවා තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණ සොයා බලා හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉල්ලා ඇති අතර මෙම සභාව 2023 ජුනි 8 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් මගින් පත් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සමන්විත මෙම තේරීම් කාරක සභාව කථානායකවරයා විසින් පත් කර තිබේ.

කරුණු ඉදිරිපත් කරන අයගෙන් වාචික සාක්ෂි ලබාගැනීමට කාරක සභාවට අවශ්‍ය නම්, අදාළ පාර්ශ්වවලට ලේඛන සමඟ නියමිත වේලාවට කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට කැඳවනු ලැබේ.