Saturday, 27 April 2024

සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම්

Posted On Monday, 18 September 2023 08:52

මහජනතාව කළ පැමිණිලිවල ප්‍රතිඵලයක් වශයෙන්

සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම්

 

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතාගේ නියෝගයකට අනුව උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරියේ යෙදී සිටින අතරතුර සමාජ මාධ්‍ය භාවිත කිරීම වහාම තහනම් කර තිබේ.

සෞඛ්‍ය සේවකයින් නිතර සමාජ මාධ්‍යවල ගැවසෙන බවට රෝගීන්ගෙන් පැමිණිලි රැසක් තමන්ට ලැබුණු බවත්, මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් පිළිබඳව නිසි අවධානයක් නොමැති බවට පැමිණිිලි ලැබී ඇති බවත් වෛද්‍ය සත්‍යමූර්ති මහතා දක්වයි. කෙසේ වෙතත් රාජකාරි කටයුතු සඳහා ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ලබාදී ඇත.