Sunday, 28 April 2024

සාජන්ට් කීර්තිරත්න දෙවුන්දර දක්වා පාගමනින්

Posted On Monday, 18 September 2023 08:59

සාජන්ට් කීර්තිරත්න දෙවුන්දර දක්වා පාගමනින්

 

මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. කීර්තිරත්න මහතා ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා ඉකුත් පස්වැනිදා ආරම්භකළ පා ගමන (16) උදෑසන නියමිත පරිදි අවසන් කර මෙහි දී දින දොලහක් ඇතුගත කිලෝමීටර් 580.16ක දුරක් ගෙවමින් ගමනාන්තය වන දෙවුන්දර වෙත ළඟා වීමට සමත්ව තිබේ.

කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර පසු කර දෙවුන්දරට පැමිණීම සමග උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයින් ඔහු සෙරන්ඩිබ් ලෝක වාර්තා වෙත ඇතුළත් කිරීම තහවුරු කර ගවේෂණ චාරිකාව අවසන් කිරීම පිළිබඳ සහතිකය නිකුත් කර ඇත.