Saturday, 27 April 2024

පියා ගේ මැරකමට දියණිය ජීවිතයෙන් වන්දිගෙවයි

Posted On Monday, 18 September 2023 09:11

පියා ගේ මැරකමට දියණිය ජීවිතයෙන් වන්දිගෙවයි

 

මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් ජාතික රෝහලට ඇතුළත් කළ හය හැවිරිදි දැරියක පසුව මිය ගියේය.

කුඩා දැරිය සිය දෙමාපියන් සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව මරදාන පොලිසිය පවසයි. ඔවුන් කොටහේන වාසල පාරේ පදිංචිකරුවන් වන අතර පසුගිය නොවැම්බර් මාසයේදී කොටහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට මෙම දැරියගේ දරුවාගේ පියා ද එක සැකකරුවෙකු බවපොලිසිය සදහන් කරයි.

අධිකරණයේ නඩුවක් සදහා පෙනී සිට මෙම තිදෙනා, නිවෙස් බලා යන අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබේ.