Monday, 06 May 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සිද්ධිය රහස් පොලිසියට

Posted On Wednesday, 20 September 2023 09:19

ජාතික නිදහස් පෙරමුණේන් ඉවත්ව ස්වාධිනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සිද්ධිය රහස් පොලිසියට

 

අනුරාධපුරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාහනයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් වාහනයට වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් වෙඩි තබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ ඔහුගේ පියාගේ නිවස අසලදී මෙම සිද්ධිය සිදුව තිබේ.

කෙසේ වෙතත්, වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි.

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන නමුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගන්නා බව හෙතෙම පසුගියදා ප්‍රකාශ කළේය.