Saturday, 04 May 2024

ඇමති හරීන් ගේ නඩුවත් ඉවත්වන ලකුණු

Posted On Wednesday, 20 September 2023 09:23

ඇමති හරීන් ගේ නඩුවත් ඉවත්වන ලකුණු

 

අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ගොනු කළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තම පියා තමාට අවවාද කළ බවට හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බැවින් මෙම අවසරය පතනබව ද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

ගේ වාහනයට

ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුට පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා මීට පෙර