Friday, 03 May 2024

චාන්දනී සහ ජුලි චුන්ග් ආයෝජන ගිවිසුමක අනාගතය ගැන කතාකරයි

Posted On Wednesday, 20 September 2023 09:34

චාන්දනී සහ ජුලි චුන්ග් ආයෝජන ගිවිසුමක අනාගතය ගැන කතාකරයි

 

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වූ තහවුරු දහහතරවන වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම සදහා වූ කවුන්සිලයේ රැස්වීම (18) කොළඹදී පැවැත්විණ.

තාක්ෂණික මට්ටමේ රැස්වීම, සම සභාපති කේ. ශ්‍රී ලංකා රජයේ වීරසිංහ සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපදයේ වැඩබලන සහකාර වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් යන මහත්වරු අතර පැවැති බවත් එහි දී පුළුල් පරාසයක තීරනාත්මක කරුණු සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත් අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සහ වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මීන් අතර සාකච්ඡා ආරම්භයේ දී ද්විපාර්ශ්වික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සිහිපත් කර ඇත.

මෙම කවුන්සිල රැස්වීමේදී, නියෝජිතයින් ආයෝජන වාතාවරණයට බලපාන ප්‍රතිපත්ති, මෑතකාලීන කම්කරු ප්‍රතිසංස්කරණ, බුද්ධිමය දේපල ආරක්ෂණය සහ බලාත්මක කිරීම, රේගු සහ වෙළඳ පහසුකම් සැපයීම, ඇඟලුම්, මැණික් සහ ස්වර්ණාභරණ සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළඳ හා වෙළඳපල ප්‍රවේශයට ඇති තාක්ෂණික බාධාවන් පිළිබඳව අවධානය යොමු කළහ. ඩිජිටල් ආර්ථිකය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය, මල් වගාව, බෝට්ටු තැනීමේ අංශ සහ පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරුව සහ පර්යේෂණ වාණිජකරණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවය සහ තාක්ෂණික සහාය සඳහා ද සලකා බලන පරිදි සාකච්ඡා පැවැත්විණ.