Friday, 03 May 2024

බලය ලබා ගැනීම සඳහා ‘‘රාජපක්ෂලා ගේ උපක්‍රම‘‘නැවත භාවිතා කරන බවට චෝදනාවක්

Posted On Wednesday, 20 September 2023 09:44

බලය ලබා ගැනීම සඳහා ‘‘රාජපක්ෂලා ගේ උපක්‍රම‘‘නැවත භාවිතා කරන බවට චෝදනාවක්

 

රාජපක්ෂ කදවුර විවිධ උපක්‍රම භාවිත කරමින් බලය සඳහා මේ රටත් ජනතාවත් නැවත නැවතත් රවටා ඇති බව සමගි ජන බල පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

“2005 දී ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින්, 2010 දී විදුලි පුටුව පෙන්වමින් අනුකම්පාව මත, සහ 2015 දී කොන්ක්‍රීට් කාන්තාරය සංවර්ධනයක් ලෙස ඉදිරිපත් කරමින් ඔවුහු ප්‍රචාරක කටයුතු කළබව ද ඔහු ප්‍රකාශ කළේය.

 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වික්‍රමරත්න මහතා කියා සිටියේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සහ ජාතිවාදය ආණ්ඩු බලයේ දොරටු ඔවුන්ට විවර කළ බවයි.

පසුගිය දා චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා චිත්‍රපටය යොදා ගනිමින් රාජපක්ෂලා යළිත් රටත් ජනතාවත් ව්‍යාකූල කරමින් සිටින බව ද වික්‍රමරත්න මහතා පැවසීය. "ඔවුන් සිතන්නේ මෙය ඔවුන්ගේ 2024 මැතිවරණ ජයග්‍රහණයට තුඩු දෙන කාඩ්පත් අත බව" ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ රට කඩාවැටීමට හේතුවූ තමන්ගේ ක්‍රියාවන් සහ අකර්මන්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව ජනතාව නොමග යවමින් සිටින බවයි.

“මිනිස්සු පෝලිම්වල වැටිලා, ගෙවල්වල ගෑස් සිලින්ඩර් පිපිරෙනවා, බාල බෙහෙත්වලින් රෝගීන් මියයන බව රෝහල්වලින් වාර්තා වුණා, දරුවන් සිටින පවුල් එක වේලක් කාලා ජීවත් වෙනවා කියා අනතුරු අඟවා ඔවුන් නැවත වතාවක් රට අවුල් කිරීමේ උත්සාහ කිරීමට එරෙහිව සහ ජාතිවාදය සහ ආගම්වාදය මත, 2024 මැතිවරණයේදී බලය ලබා ගැනීම ටවිරුද්ධ විය යුත= බව ද හෙතෙම කියා සිටී.