Monday, 29 April 2024

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස්

Posted On Friday, 22 September 2023 05:48

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස්

 

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට 2022 මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා තිබේ.

මෙම නඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක සහ නව සිංහලේ ජාතික සංවිධානයේ නායක ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කර ඇත.

අඅදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ අවසන් කර ඇති අතර විමර්ශනයේ සාරාංශ නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ තමන්ට තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කඩිනම් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා නිවේදනයක් නිකුත් කළේය.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණ ලබන වසරේ ජනවාරි 17 වැනිදාට නියම කෙරේ