Sunday, 28 April 2024

පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනාවක් නැත

Posted On Friday, 22 September 2023 05:59

පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනාවක් නැත

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇතැම් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අලස් කියා සිටියේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ජනාධිපති කොමිසමෙන් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවයි.

අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බවත්, එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කුමන වගන්ති යටතේ නඩු පවරන්නේ දැයි නීතිපතිවරයා තීරණය කළ යුතු බවත්, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී (18) පැවසීය.