Monday, 29 April 2024

රන් බිස්කට් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Posted On Monday, 25 September 2023 08:12

රන් බිස්කට් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 5ක් සමඟ ගුවන් මගියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-226 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔහු සියලු පරීක්‍ෂණ අවසන් කර ගුවන් තොටුපළෙන් පිටතට යද්දී නිලධාරීන් පිරිසකට ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම රන් බිස්කට් හමුවී ඇත.