Wednesday, 01 May 2024

රහස් ලේඛන ගැන රහස්‍යභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට.

Posted On Monday, 25 September 2023 08:16

රහස් ලේඛන ගැන රහස්‍යභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට.

 

සාක්‍ෂි දුන් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ රහස්‌ සාක්‍ෂි මහජනතාවට හෙළි කළ නොහැකි බවත් එම තොරතුරු ලබා ගත හැක්කේ එම පුද්ගලයන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කථානායකවරයාට ලිපියක් මගින් යලිත් දන්වා තිබේ.

ජනාධිපති ලේකම්වරයා සැප්තැම්බර් 12 වැනි දා ලිපියක් මගින් මේ බව දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට (21) දැනුම් දුන්නේය.පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව කථානායකවරයා පැවසීය.