Saturday, 27 April 2024

ශල්‍යාගාර හෙදියක් කතුරක සිද්ධියක් ගෙන ගිය දුර

Posted On Tuesday, 26 September 2023 06:17

ශල්‍යාගාර හෙදියක් කතුරක සිද්ධියක් ගෙන ගිය දුර

 

ඇනීමට තැත් කළ ශල්‍ය වෛද්‍යවරයකුට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අවවාද කර මුදා හැරියේය.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා විසින් හෙදියකට කතුරකින් තුවාල සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි ශල්‍ය වෛද්‍යවරයකු එම චෝදනාවට වරදකරු විය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයකදී මෙම සිදුවීම සිදුව ඇත. මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවවාද කිරීමෙන් අනතුරුව වරදකරු වූ ශල්‍ය වෛද්‍යවරයා මුදා හැර තිබේ.

සිද්ධිය වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු ශල්‍ය වෛද්‍යවරයකු සහ ගම්පහ මහ රෝහලේ වත්මන් ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අශෝක විජේමාන්න මහතා අදාළ විශේෂඥ වෛද්‍යවරයා වේ.

චූදිත ශල්‍ය වෛද්‍යවරයා වරදකරු කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න කියා සිටියේ ශල්‍ය වෛද්‍යවරුන් කෝපයෙන් හා ක්‍රෝධයෙන් තම රාජකාරිය නොකළ යුතු බවයි. දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් ඉතා සංයමයෙන් සහ ඉවසීමෙන් තම රාජකාරිය කළ යුතු බව ද ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සඳහන් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකාර හෙදියට දන්වා සිටියේ අවශ්‍ය නම් ශල්‍ය වෛද්‍යවරයාගෙන් වන්දි ඉල්ලා දිසා අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට ප්‍රතිපාදන ඇති බවයි.