Saturday, 04 May 2024

තිරිඟු පිටි විගණනයක් හර්ෂට උවමනා කෙරේ

Posted On Wednesday, 04 October 2023 05:59

තිරිඟු පිටි විගණනයක් හර්ෂට උවමනා කෙරේ

 

ගබඩාවල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණය ගණනය කර මාස දෙකක් ඇතුළත‍ෙවිගණන වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය මූල්‍ය කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

තිරිඟු පිටි සඳහාද මිල සූත්‍රයක් ඇතිවුවහොත් එක් එක් පක්ෂවලට අවශ්‍ය පරිදි මිල තීරණය කිරීමට අවස්ථාවක් නොලැබෙන බව මන්ත්‍රීවරයාගේ අදහස විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව පුරා පිහිටි වෙළෙඳසල්වල තිරිඟු පිටි විවිධ මිල ගණන්වලට අලෙවි කරන බව එම කමිටුවේ සාමාජිකයන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය ලබා දී ඇති මිල ගණන් අනුව තිරිඟු පිටි මිල තීරණය කිරීමේදී මිල ගණන් ගණනය කිරීම් දෙකක් භාවිත කරන බවත්, මෙය වෙනස් කළ යුතු බවත් මූලාසනය අවධාරණය කළේය.