Wednesday, 01 May 2024

නිල්වලා ගංගා ද්‍රෝණීයේ ගංවතුර නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට නැවත සැළකියයුතු මට්ටමේ ගංවතුර තත්වයක්

Posted On Monday, 23 October 2023 11:13

නිල්වලා ගංගා ද්‍රෝණීයේ ගංවතුර නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට නැවත සැළකියයුතු මට්ටමේ ගංවතුර තත්වයක්

 

නිල්වලා ගංගා ද්‍රෝණීයේ ගංවතුර නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට නැවත සැළකියයුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

මේ වනවිට නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ සහ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට සැළකියයුතු වර්ෂාපතනයක් ඇති වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනය තවදුරටත් අඛණ්ඩව පවතින අතර එම ගංගාවේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැළකියයුතු ලෙස ඉහළ යමින් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ තත්වය නිසා විශේෂයෙන්ම කොටපළ , පිටබැද්දර , පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය , මාලිම්බඩ , තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට මේ තත්වයේ බලපෑමක් නැවත ඇති විය හැකි බවත් ඒ මහතා අනතුරු ඇඟවීමක් කරයි.

මේ තත්වය සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල විශේෂයෙන්ම ගංගාව ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාව දැඩි අවධානයකින් පසු විය යුතු බවද ඒ මහතා දැනුම් දේ.එසේම ඒ ප්‍රදේශ හරහා ඇති මාර්ග භාවිත කරන රියදුරු මහත්වරුන් සහ රථවාහන මගීන් ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද ගංගාව භාවිත කිරීමේදී දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් පවසයි.