Saturday, 27 April 2024

උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙයි

Posted On Wednesday, 17 January 2024 05:53

උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙයි

 

උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් නැවත පැවැත්වීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව විසින් එහි දෙවන කොටස අවලංගු කළේය.පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කළ බවත් ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් නැවත පැවැත් වෙන බව විභග කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙයි.

එහි පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ.

12