සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 දා
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 වන දා පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
හෙට සිට සවසට වැසි
ඔක්තෝබර්මස 10 වන දින සිට සවස්කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
143 වන තැපැල් දින සැමරුම අද
එකසිය හතළිස් තුන්වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ. මෙවර ලෝක තැපැල් දින සැමරුම වෙනුවෙන් "දුම්රිය මගින් තැපැල් ප්‍රවහනය" යන තේමාව ඔස්සේ රුපියල් පහළොවක හා රුපියල් තිස්පහක් වටිනා මුද්දර දෙකක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ නිරිත දිග කොටසේ සහ නැගෙනහිර පළාතේ ඉදිරි දින කිහිපයේ දී පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.