ජාතික සාහිත්‍ය කලා මහෝත්ස්වය 2017 අද සිට
ජාතික සාහිත්‍ය කලා මහෝත්ස්වය 2017 වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්වේ. සාහිත්‍ය කලා මහෝත්සවය අද සිට හෙට(30), අනිද්දා (01) දක්වා තෙදිනක් පුරා පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
රාජ්‍ය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍රයක් නැවත පැවැත්වීමේ තීරණයක්
රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කර ඇත.
තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. එම දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්” පිළිබඳ සමුළුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වේ.
ධීවර කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම
මසුන් මැරීම සඳහා ඩයිනමයිට් ඇතුලු වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම වැඩි වී ඇති බවත්, එමනිසා එවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මත්ස්‍ය සම්පත විනාශ කරන ධීවරයින් අත් අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හා පොලිස් නිලධාරින්ට උපදෙස් දී ඇත.
2018 අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන්න - මුදල් අමාත්‍යාංශය
2018 වසර සඳහා වන අයවැය නොවැම්බර් මස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ඇතුළත් කළ යුතු තම යෝජනා ඉදිරිපත් කරන්නැයි ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන් හට අදාළ සියලු පාර්ශවකරුවන්ගෙන් රජය ඉල්ලා සිටියි.