Wednesday, 08 December 2021

ප්‍රමුඛතා මංතීරු නීතියේ දෙවන අදියර අද සිට

Posted On Tuesday, 22 August 2017 04:38

බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි.
 


පසුගිය 15දා ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වාත්,  වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් මංතීරු ක‍්‍රමය ක්‍රියාත්මක වේ.