
Editor
ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්යයි
ඡන්දය භාවිත කිරිම සඳහා වලංගු හැදුම්පතක් අනිවාර්ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (31)ආරම්භ වෙයි.මෙහි දෙවැනි දිනය හෙට (1) ක්‍රියාත්මක වෙයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.
ඩෙංගු මර්දනයට විශේෂ වැඩසටහන් මාලාවක්
කොළඹ, කලුතර, මහනුවර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය මගින් සැලසුම් කර ඇත.
ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ දෙකක්
ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (පාලන) ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.
බස්නාහිර පළාත 42 වැනි වතාවටත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගනී
සිව් දිනක් තිස්සේ බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවත් වූ 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය මෙවරත් 42 වැනි වතාවටත් බස්නාහිර පළාත හිමි කර ගත්තේය.
ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා අද තැපෑලට
ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා අද තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු විය.
කොළඹ - මඩකළපුව සියලූම දුම්රිය සේවා යථා තත්ත්වයට පත්වේ
කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී පසුගියදා (21) දුම්රිය පීිලී පැනීම හේතුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගයේ සියලූම ප‍්‍රතිසංස්කරණ කටයුතු අද වන විට අවසන් බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මුහුදු ප්‍රදේශ වල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකියි - කාලගුණයෙන් රතු නිවේදනයක්
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ක්ෂණික පැයට කි.මී 70-80 පමණ ඉහළ යා හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණයට අදාළව යුරෝපා විදෙස් නිරීක්ෂකයින් ශ්‍රී ලංකාවේ සිය නිරීක්ෂණ කටයුතු අරඹයි
නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවේ සිය නිරීක්ෂණ කටයුතු පසුගිය 22 දින සිට ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරණය- පැය 24ක් තුළ පැමිණිලි 100ක්-පැමිණිලි 1134ක් දක්වා ඉහළට
ජනාධිපතිවරණය 2019 ට අදාළව මේ වන විට වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1134ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.