Thursday, 18 April 2024

සීගිරියට පොලිතින් තහනම්

Posted On Friday, 01 February 2019 05:44

පෙබරවාරි 01 දා සිට සීගිරිය දිය අගල ඇතුළු කලාපය පොලිතින්, අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. ඒ අනුව ඒම ප්‍රදේශයේ පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යෑම තහනම් වෙයි.



ආහාර ලෙස බිස්කට් වර්ගයක් රැගෙන යෑමට හිමි වුවත් ඒහි පිටතින් ඇති පොලිතින් ආවරණය ඉවත් කිරීම අනිවාර්ය වන අතර ජල බෝතල්වල මූඩියේ ඇති පොලිතින් ආවරණය හා පිටතින් ඇති ලේබලය මෙන් ම පොලිතින් ආවරණය ද ඉවත් කළ යුතු බව ඒම අරමුදල පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් බිස්කට් හා ජල බෝතල් රැගෙන යෑමට අලුතින් බෑගයක් ද හඳුන්වාදීමට තීරණය කර ඇත.